කොහොමද
කස්ටියට? ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් post එකක් අරගෙන.අද මම ඔයාලට පුන්චි App කැලි
ටිකක් ගෙනාවා බලන්නකො හොදයිද කියලා.
Pushbullet
ඔබ පරිගණකයේ
වැඩ කටයුතුවල නිරත වී සිටින විටක, ඔබගේ ස්මාට්ෆෝනයෙන් දැනුම්දෙන වැදගත් පණිවුඩ (Notifications)
මගහැරී ගොස් තිබෙනවාද? එවැනි විටක Pushbullet යනු සැබවින්ම ඔබගේ සහයට පැමිණෙන්නෙකි.
Pushbullet යනු ප්‍රධාන වශයෙන්ම ඔබගේ පරිගණකයත්, ස්මාට්ෆෝනයත් එකට සම්බන්ධ කරනා සහායකයෙකුද
වේ.
එසේම
Pushbullet මගින් ඔබගේ ස්මාට්ෆෝනය හෝ ටැබ්ලට් උපාංගය තවත් ස්මාට්ෆෝනයක් හෝ ටැබ්ලට්
උපාංගයක් හා සම්බන්ධ කරවීමද අපහසු කටයුත්තක් නොවේ. මෙසේ ඔබගේ ස්මාට්ෆෝනය හා පරිගණකයත්,
එසේත් නැතිනම් ඔබගේ ඇන්ඩ්රොයිඩ් උපාංගය තවත් උපාංගත් සමගත් Pushbullet හරහා සම්බන්ධ
කිරීමේ ඇති විශේෂ වැදගත්කම වන්නේ, ඔබට ඇවැසි ඕනෑම මොහොතක ඕනෑම ගොනුවක් හුවමාරු කරගැනීමටද
Pushbullet හරහා පහසුකම් සැලසීමයි.
එ ඔබ පරිගණකයෙන්
අන්තර්ජාලයේ සැරිසරමින් සිටින විටක ලැබෙන link පහසුවෙන්ම Pushbullet හරහා ස්මාට්ෆෝනයට
යැවිය හැකිය. එය ස්මාට්ෆෝනයේ notification area හි පෙන්වනු ඇත. එසේම ඔබ පරිගණකයක් හරහා
යම් ලිපිනයක් ස්මාට්ෆෝනයට ලබාදුන් විට එය ක්ෂණයකින් ස්මාට්ෆෝනයේ ඇති Google maps යෙදුම
හරහා විවෘත කරගනු ඇත.
CircleMe
ඉතාමත්
සිත් ඇදගන්නා සුළු අදහසක් වන CircleMe යෙදුම හඳුන්වාදිය හැකි හොඳම ක්‍රමය වන්නේ, එය
ඔබ කැමති, ආශා කරන දේවල් එක් කිරීමටත්, ඔබ කැමති නවතම දේ හඳුනාගැනීමටත් ඉඩ සලසාදෙන
යෙදුමක් ලෙසිනි. සමාජ ජාල යෙදුමකටද නෑකම් කියන CircleMe ඔබ කැමති ක්ෂේත්‍ර, විෂයයන්
සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීමට, ඒවා සමගින් බැඳි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වීමට,
ඒවා සම්බන්ධයෙන් වෙනත් අය දක්වන අදහස් දැනගැනීමට, ඔබේ අදහස් බෙදාගැනීමට මෙන්ම ඒ සමගින්
කළයුතු වැඩ කටයුතු ලැයිස්තුගත කිරීමටද පහසුකම් ලබාදෙයි.
Sri Lanka Train Schedule
ICTA
Sri Lanka වෙතින් හඳුන්වාදෙන Sri Lanka Train Schedule ඇන්ඩ්රොයිඩ් යෙදුම සම්මාන දිනාගත්
යෙදුමක් වෙයි. Sri Lanka Train Schedule විසින් ශ්‍රී ලංකාව තුළ ඕනෑම තැනක දුම්රිය
කාලසටහන්, දුම්රිය ප්‍රහමාද වන බවට කරන දැනුම්දීම් මෙන්ම දුම්රිය ගාස්තු සම්බන්ධ සම්පූර්ණ
දත්තද ඔබගේ ස්මාට්ෆෝනය හෝ ඇන්ඩ්රොයිඩ් උපාංගය මතට ගෙන එනු ඇත. කෙසේවෙතත් මෙය තවමත්
වැඩි වර්ධනය කෙරෙමින් පවතින අතර, අනාගතයේදී නිරන්තරයෙන් මෙහි තොරතුරු යාවත්කාලීන වන
බවට ප්‍රවර්ධකයෝ සහතික කරති.
No comments:
Post a Comment