උපන්දින අමතක නොකර ස්වයංක්රීයවම සුබ පැතුම් යවමු


උපන්දිනය අමතක වීම නිසා මුහුණ පෑ අපහසුතා ඔබටත් ඇති. ඉතින් එවැනි අවස්ථාවකට යළි මුහුණ නොදී ඔබගේ සියළුම මිතුරන්ට උපන්දිනය දවසේ ස්වයංක්රීයවම සුභ පැතුම් යැවීමට හැකි ක්රමයක් ගැනයි මම අද කියන්න යන්නේ.
පෙර සඳහන් කළ ලෙසම මෙමගින් ඔබගේ සියලුම ෆේබුක් මිතුරන්ගේ උපන්දින සඳහා සුභ පැතුම් පණිවිඩ පෙර සූදානම් කොට තැබිය හැකියි. ඒවා උපන්දිනය දවසේ ස්වයංක්රීයවම ඔබගේ මිතුරා ගේ වෝල් එක වෙත යොමු කෙරෙනවා. සියලු දෙනාගේම උපන්දින සඳහා සුභ පැතුම් පණිවිඩ යැවීම සඳහා ඔබ වෙහෙසිය යුත්තේ එක් වරක් පමණයි. මෙම සේවාව සපයන්නේ BirthdayFB නම් වෙබ් අඩවියක්. මෙතන Click කර මෙම  BirthdayFB වෙබ් අඩවිය වෙත පිවිසිය හැකියි. ලොග් වීම සඳහා ඔබගේ ෆේස්බුක් ගිණුම භාවිතා කරන්න.
මුලින්ම පහත රූපයේ --> හිසෙන් පෙන්වා ඇති බට්න් එක ඔබා ඔබගේ ෆේස්බුක් ගිණුම ආධාරයෙන් BirthdayFB වෙත ඇතුළු වන්න.

birthdayfb-connect

ඔබ ලොග් වූ පසු ඔබගේ මිතුරන්ගේ උපන්දින යෙදී ඇති ආකාරය දර්ශනය වෙනවා.

birthdayfb-upcoming


වෙබ් අඩවියේ Write Message ටබ් එකට ගිය පසු ඔබ කැමති මිතුරන්ට සුබ පැතුම් ලිවීම ආරම්භ කළ හැකියි. ඔබට ලිවීමට කම්මැලි නම් canned messages ඩ්රොප් ඩවුන් මෙනු එකෙන් ඔවුන් සපයා දී ඇති උපන්දින සුභ පැතුමක් තෝරා ගත හැකියි.

birthdayfb-write


කෙසේ හෝ සුබ පැතුම ලියා අවසන් කළ පසු Save බට්න් එක Press කරන්න. මෙහිදී ඔබ උපන්දින සුභ පැතුම් සූදානම් කරන අය වෙත පමණක් අදාල දිනයේදී සුබ පැතුම් පණිවිඩය Send වේ. ඔබට අදාළ Message එක සේව් කර ගැනීමට අවශ්ය නම් save as a canned message චෙක් බොක්ස් එක චෙක් කර Save කරන්න.
Canned Messages ටැබ් එකෙන් ඔබ මෙතෙක් සේව් කර ඇති පණිවිඩ බලාගත හැකියි. ඒවා යලිත් වරක් ඉහත පියවරයන් තුළ ඩ්රොප්ඩවුන් මෙනු එක මගින් ප්රයෝජනයට ගැනීමට පුළුවන්.
birthdayfb-canned

Scheduled Messages ටැබ් එක ආධාරයෙන් ඔබ මෙතෙක් Send කිරිමට සූදානම් කර ඇති උපන්දින සුබ පැතුම් පණිවිඩ බලාගත හැකියි. එපමණක් නොව ඒවා ඉවත් කිරීමට හා නැවත සැකසීමටද පුළුවන්.


එහෙනම් මම කැපුනා. ඔයාලගේ ප්රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets