Robotics - රොබෝ තාක්ෂණය

රොබෝ තාක්ෂණය යන වදන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නුපුරුදු වචනයක් උවද නූතන ලෝකය තුළ රොබෝ තාක්ෂණය නැතහොත් Robotics යන වදන නුපුරුදු වචනයක් නොවේ.
Robotics & Robots
Robotics යනු රොබෝවරුන් පිළිබද අධ්‍යනය කිරීම සදහා තිබෙන විෂය ක්ෂේත්‍රය වේ.

Robot යන වචනය තාක්ෂණය ලෝකය තුළ මුලින්ම අපට හදුනාගත හැකි වනුය් 1920 දශකයේදී පමන වේ. Robot යන වදන Robota යන චෙකොස්ලොවැකියානු වචනයෙන් පරිනාමය වූවකි. Robota යන්නෙහි අර්ථය වනුයේ ශ්‍රමිකයා නැතිනම් සේවකයා යන්නය.

බටහිර සිනමා කෘතීන් හා විද්‍යා ප්‍රබන්ධ වලින් අද අපට දක්නට ලැබෙන ආකාරයේ තාක්ෂණයක් සහිත රොබෝ යන්ත්‍ර සැබෑ ලෝකයේදී තිබිය නොහැකි යැයි ඇතැමෙකු සිතිය හැකිය. නමුත් අද වන විට එවැනි බුද්ධියක් සහිත රොබෝ වරුන් නිර්මාණය කිරීමට ඇමරිකාව වැනි ලෝකයේ තාක්ෂණය අතින් දියුණු රටවල් උත්සහ කරමින් සිටියි. කාර්මික විප්ලවයත් සමගම අතිවූ තාක්ෂණික දියුණුව මගින් මිනිසාගේ දෛනික වැඩ කටයුතු පහසු කරවීම සදහා විවිද ආකාරයේ උපකරණ නිර්මණය විය. නමුත් මෙම යන්ත්‍ර මෙහෙය වීම සඳහා මිනිසෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතු විය. රොබෝ තාක්ෂණයද දියුණු කරන ලද්දේ මිනිසාගේ දෛනික වැඩ කටයුතු පහසු කරවීම සදහා වේ. නමුත් මෙහි අති විශේෂත්වය වනුයේ රොබෝ කෙනෙකු මෙහෙය වීම සදහා මිනිසෙකු අත්‍යාවශ්‍ය නොවීමයි. එයට හේතුව වනුයේ රොබෝ යන්ත්‍රයකට බුද්ධියක් පැවතීමයි. මෙම බුද්ධිය කෘතීම බුද්ධිය (Artificial Intelligent) නමින් හැදින්වේ. එම නිසා අනාගතයේ නිවසක සියලුම කටයුතු රොබෝ යන්ත්‍රයක් විසින් පාලනය කිරෙමට හැකියාවක් නැතැයි කිව නොහැකිය. නමුත් මේ ආකාරයෙන් මිනිසාගේ සියලුම ක්‍රියාවන්ගේ පාලනය රොබෝ යන්ත්‍ර අතට පත් වුවහොත අතැම් විද්‍යා ප්‍රබන්ද නවකත සහ සිනමා කෘතීන් හී දක්නට අති ආකාරයට රොබෝ වරුන් විසින් මිනිසුන්ව ආක්‍රමණය කරනු අතැයි රොබෝ තාක්ෂණය පිළිබද පර්යේෂණ පැවත්වූ මුල් අවදියේදී විද්‍යාඥයින් අතර ප්‍රශ්නාර්ථයක් පැන නැගිණි.

එයට විසඳුමක් ලෙස විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වන අයිසැක් අසිමොව් (Isaac Asimov) විසින් 1942 දී රොබෝ තාක්ෂණය පිලිබද නියමයන් 3 ඉදිරිපත් කරන ලදි.
The Three Laws of Robotics – “Asimov's Laws”
A robot may not injure a human being or, through inaction, allow a human being to come to harm.
A robot must obey the orders given to it by human beings, except where such orders would conflict with the First Law.
A robot must protect its own existence as long as such protection does not conflict with the First or Second Law.

ඉහත නියමයන් තාක්ෂණයේ අවශ්‍යතාවයන් සදහා අද වනවිට යම් යම් වෙනස්කම් වලට භාජනය වී අතිමුත් රොබෝ යන්ත්‍ර මිනිසා අභිබවා නොයා යුතුය යන මතයෙහි ලොව බොහෝ විද්වතුන් සිටියි. 
කෙසේ වෙතත් නූතන ලෝකයේ පවතින කාර්යබහුල ජීවන රටාව සරල කිරීම සදහා රොබෝ තාක්ෂණය (Robotics) වර්ධනය කිරීම තුලින් විසදුමක් ලබා දීම සදහා ලොව පුරා සිටින විද්‍යාඥයින් තාක්ශණවේදීන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට රොබෝ තාක්ෂණය ලෝකයෙහි තිබෙන ප්‍රධාන ක්ෂේත්‍රයන් හි එනම් වෛද්‍ය විද්‍යව, අභ්‍යාවකාශ විද්‍යව, කර්මාන්ත ක්ෂේත්‍රය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් හි හා යුදමය කටයුතු සදහා අත්‍යාවශ්‍ය අංශයක් බවට පත්වී හමාරය.
උදාහරණ ලෙස :-
Surgery Robots
අද වන විට වෛද්‍ය විද්‍යව තුල ඉතා සූක්ෂ්‍යම ලෙස ශල්‍යකර්ම සිදු කිරීම සදහා රෝබෝවරුන් භාවිතා කිරීමේ ප්‍රවණතවයක් ඇත.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets