සිරියාව හා තුර්කිය අතර දේශසීමාවේ පිහිටුවා ඇති ජර්මනියට අයත් පේටි‍්‍රයට් ගුවන් හා මිසයිල ආරක්‍ෂණ පද්ධතියක් හඳුනානොගත් හැකරුන් විසින් දෙනු ලැබූ විස්තර නොකළ විධානයන් පිළිපැද ඇතැයි වාර්තා වේ.
ඇමරිකාව විසින් නිෂ්පාදනය කරනු ලැබූවක් වන මෙම මිසයිල ආරක්‍ෂණ පද්ධතිය ජර්මනියේ බුන්ඞ්ස්වෙර් සන්නද්ධ හමුදාවට අයත් වන අතර 2013දී එය නේටෝ සාමාජික රාජ්‍යයක් වන තුර්කිය තුළ ස්ථානගත කරන ලදී.
ලෝන්චර 6කින් හා රේඩාර් පද්ධති 2කින් සමන්වත මෙම අවි පද්ධතිය විසින් යම් විධානයන් පිළිපැද ඇති බව ජර්මානු බෙහෝර්ඩන් ස්පීගල් පුවත්පත විසින් දක්වා තිබුණද ඒ කවරේද යන්න අනාවරණය කර නොමැත.
මේ පිළිබඳව අදහස් දැක්වූ ෆෙඩරල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මෙම පුවත තහවුරු කිරීම සඳහා පදනම් කරුණු නොමැති බවයි.
ස්පීගල් වාර්තාවට අනුව මිසයිල ලෝන්චරය හා එහි පාලන පද්ධතිය අතර තොරතුරු හුවමාරු වන කොටස සහ අවියේ නියෙමු හැකියාව සකසන පරිඝනක චිපයන් පේටි‍්‍රයට් පද්ධතියේ දුර්වල ස්ථානයන් ලෙස දක්වා තිබේ.
මෙවැනි අවි පද්ධතියක් සිය ග‍්‍රහණයට නතු කරගැනීමට සාමාන්‍ය හැකරුන් කිසිවිටක උත්සහ නොදරන බව පරිඝනක ආරක්‍ෂණ උපදේශක හා හිටපු බි‍්‍රතාන්‍ය හැකරෙකු වන රොබට් ෂිෆ්රීන් පවසා තිබේ.
මේ අතර හිටපු ඒජන්තයකු වන ඇනී මැහොන් පවසා ඇත්තේ අවි නිෂ්පාදනයේදී ඇමරිකාව සිය අවි පද්ධති වලට ඇතුළුවීමේ හැකියාව පවත්වා ගන්නා බවයි.
No comments:
Post a Comment