ගේමක් නැතුව Dongle unlock කරමු


කොහොමද කස්ටියට? ඔන්න මම අද කස්ටියට ගෙනාවා Mobitel, Dialog, AirTel, Etisalat වගේ සමාගම් වලට පෙන්නන්න බැරි Post එකක්. මේ කස්ටිය හිතාගෙන ඉන්නේ මෙහෙම lock කරහම අපිට ඒ lock කඩන්න බැහැයි කියලා.
මට අද ලැබුන  Lock Dongle එකක් ඒකට දාන්න පුලුවන් Dialog Sim එකක්  විතරක් නිසා ඒක unlock කරන්න කියල  හිතුව. මේක ගින්දර වගේ වැඩ කලා ඒක නිසා තමයි මම අද ලිවුවෙ Post එකක් විදිහට. වැඩි කතා නැතුව වැඩෙට බහිමු.

මුලින්ම මෙතන Click කරන්න. එතකොට පහල Photo එකේ තියෙන ආකාරයට page එකක් load වෙයි. 


ඔයාලට Gmail Account එකක් නැත්නම් මුලින්ම එකක් Create කර ගෙන ඉන්න.
Sign in With Google+ කියන තැන Click කරන්න. ඊට පස්සේ එන page එකට ඔයාලගේ Gmail Address එක සහ Password එක දීලා Log වෙන්න.


ඊට පස්සේ ඔයාලට මම පහලින් දාල තියෙන Photo එකේ ආකාරයට Page එකක් Load වෙයි. ඉන් පසු Accept යන්න Click කිරීම අනිවාර්‍ය වෙනවා නැත්නම් ඔයාලට ඊලඟ පියවරට යන්න බැරි වෙනවා.


ඊට පස්සේ පහල තියෙන ආකාරයට Page එකක් Load වෙයි.


මෙහිදී IMEI: කියල තියෙන තැනට ඔයාලගේ Dongle එකේ Numbers 15 කින් තියෙන IMEI. No එක දෙන්න. Model කියල තියෙන තැනට ඔයාලගේ Dongle එකේ Model එක දෙන්න. ඊට පස්සේ Calculate කියල තියෙන Button එක click කරන්න.


ඊට පස්සේ ඔයාලට Result එක බලාගන්න g+1 Click කරන්න වෙනවා. 


ඔයාලට පහල Photo එකේ ආකාරයට result එක දැක ගත හැකිවේ.



මෙහිදී ඔයාලට අවශ්‍ය වන්නේ NEW ALGO CODE කියන code එක. දැන් ඔයාලට කරන්න තියෙන්නෙ Dongle එකට වෙනත් ජාලයක SIM එකක් දාල Dongle එකේ Software එක Open කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නෙ Unlock code එක Type කරන්න තියෙන තැනට NEW ALGO CODE එක Type කරන්න. ඊට පස්සේ ok Click කරන්න වැඩේ  ගොඩ. ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි කලින් ඔයාලට වැඩ නොකරපු SIM එකට Signal ඇවිත් තියෙනවා. මට කියන්න අමතක වුනා. ඔයාලා Dongle එකට Memory Card ගහලා තියෙනවා නම් මතක ඇතුව ඒවා remove කරන්න. නැත්නම් ඒවා Lock වෙන්න ඉඩ තියෙනවා. එක Gmail Account එකකින් අවස්ථා 5ක් පමණි Unlock Code ලබාගත හැකි වන්නේ.
ප්‍රශ්න, ඔයාලගේ අදහස් වගේම ඔයාලගේ යෝජනාත් comments Box එකට දාලා යන්න. මගේ FB page එකටත් like කරගෙනම යන්නකෝ. එහෙනම් මන් ගියා තවත් අලුත්ම අලුත් post එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets