ජාත්‍යන්තර මිලිටරි මැදිහත්වීම් වලට ISIS ත‍්‍රස්ත සංවිධානය අඩපණ කළ නොහැකිව තිබෙන අතරවාරයේදී අන්තර්ජාල හැකරුන්ගේ සන්ධානයක් විසින් එහි අන්තර්ජාල ක‍්‍රියාකාරීත්වයට දැවැන්ත තර්ජනයක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ගෝස්ට් සිකියුරිටි හෙවත් භූත ආරක්‍ෂකයින් ලෙස නම් කර ඇති මෙම හැකරුන්ගේ සාමූහිකය CtrlSec සහ Anonymous යන අන්තර්ජාල ක‍්‍රියාකාරී සංවිධාන ඒකාබද්ධව ගොඩනැගූවකි.
බෲකින්ස් ආයතනය පවසා ඇත්තේ ISIS සතුව සිරියාවේ හා ඉරාකයේ මිතුරන් විසින් පවත්වාගෙන යනු ලබන ට්විටර් ගිණුම් 46000ක් පමණ ඇති බවයි.
මෙම පෙරමුණට එරෙහිව සටන් වදින ගෝස්ට් සිකියුරිටිහි නියෝජිතයකු වන මික්‍රෝ, සිය සන්ධානය විසින් මේ වන විට ත‍්‍රස්ත වෙබ් අඩවි 100ක් හා ට්විටර් ගිණුම් 55000ක් පමණ අඩපණ කර ඇති බව පවසා තිබේ.
මින් ඇතැම් ඒවා දිනකට දෙවරක් තෙවරක් පමණ අකර්මණ්‍ය කිරීමට සිදුවන බවත් මේ හරහා ISIS ත‍්‍රස්තවාදීන්ගේ අන්තර්ජාල සන්නිවේදනයන්ට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බවද ඔහුගේ අදහසයි.
මෙම හැකරුන්ගේ මැදිහත්වීම පිළිබඳව බොහෝ දෙනෙක් විසින් ප‍්‍රශංසා කර ඇති අතර මික්‍රෝ පවසා ඇත්තේ තමන් සිතා සිටිනවාටත් වඩා ගෝස්ට් සිකියුරිටි කණ්ඩායමේ කාර්යභාරය වැදගත් වන බවට එය විසින් සාක්‍ෂි සපයන බවයි. ඇතැම් ISIS අන්තර්ජාල ක‍්‍රියාකාරිකයින් නීතියේ රැුහැනට හසු කරදීමටද ඔවුන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
No comments:
Post a Comment