ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ටොයෝටා සමාගම විසින් ඇමරිකාව තුළ ක‍්‍රියාත්මක වන ඒකාබද්ධ කෘත‍්‍රිම බුද්ධි පර්යේෂණ මධ්‍යස්ථාන සඳහා ඩොලර් මිලියන 50ක් ආයෝජනය කර ඇතැයි වාර්තා වේ.
මෝටර් රථ වල ආරක්‍ෂාකාරීත්වය ඉහළ නැංවීම සහ චල්‍යතාවය හා රොබෝ තාක්‍ෂණය හරහා මිනිස් ජීවිතයේ ගුණාත්මක තත්වය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මේ සඳහා ස්ටෑන්ෆෝර්ඞ් විශ්වවිද්‍යාලයේ කෘත‍්‍රිම බුද්ධි පර්යේෂණාගාරය සහ මැසචුසෙට්ස් තාක්‍ෂණ ආයතනය, ජපාන ටෝයෝටා සමාගම හා අත්වැල් බැඳගෙන තිබේ.
ටොයෝටාහි ජ්‍යෙෂ්ඨ කළමණාකරණ නිලධාරී කියෝටාකා ඉසේ පවසා ඇත්තේ රිය අනතුරු වැළැක්වීමේ සෘජු අරමුණ සහිතව බුද්ධිමත් රථවාහන තාක්‍ෂණය වේගවත් කිරීම සඳහා සමාගම මූල්‍ය ආයෝජනය කළ බවයි.
මහ මග ඇති වස්තූන් හඳුනාගැනීම, දේවල්වල සහ මිනිසුන්ගේ චර්යාවන් පිළිබඳ අනාවැකි පළ කිරීම හා දුෂ්කර තත්වයන් යටතේදී ආරක්‍ෂාකාරී හා බුද්ධිමත් රථ ධාවන තීරණ ගැනීම ආදී හැකියාවන් මෙම බුද්ධිමත් රථ වෙත ලබාදීම සඳහා තම කණ්ඩායම කටයුතු කරනු ඇතැයි ස්ටෑන්ෆෝර්ඞ් මහාචාර්ය ෆෙයි ෆෙයි ලී පවසා ඇත.
මහ මග මෙන්ම විශේෂයෙන්ම වියපත්වූ පුද්ගලයන්ට පහසුකම් සැපයීම සඳහා චලනය විය හැකි කෘත‍්‍රිම බුද්ධි උපකරණ නිපදවීමද ටොයෝටා ව්‍යාපෘතිය තුළ අවධානය ලක් කරන ක්‍ෂේත‍්‍රයක් වනු ඇතැයි පැවසේ.
No comments:
Post a Comment