ගූගල් රියදුරු රහිත කාර් වලින් රියඅනතුරු 11 ක් සිදුව ඇති බව හෙලිවේ


ලෝක ප‍්‍රකට ගූගල් සමාගම පසුගිය වසර 6 ක කාලය තුළ අත්හදා බලන ලද රියදුරු රහිත කාර් රථ පරීක්ෂණ කාලය තුළ අනතුරු 11 ක් සිදුව ඇති බවත් කැලිෆොනියානු ප‍්‍රාන්තයේ පොලිසිය සමග ඒ සම්බන්ධ නීතිමය කටයුතු සිදු කර තිබෙන බවත් එම ව්‍යාපෘතියේ ප‍්‍රධානියා නිකුත් කළ නිවේදනයකින් අනාවරණයවී තිබෙනවා.

ක‍්‍රිස් අරන්සන් නමැති ගූගල් ප‍්‍රධානියා ස්වයං ධාවන කාර් රථ ව්‍යාපෘතියේ ප‍්‍රගති වාර්තාව ඉදිරිපත් කරමින් මෙම අනතුරු සියල්ල සුළු මට්ටමේ ඒවා බවත් කිසිවෙකුට තුවාල වූ ඒවා නොවන නමුත් සුළු අලාභ සිදුවන හැප්පීම් බවත් පෙන්වා දෙනවා.
තමන්ගේ ව්‍යාපෘතිය තුළ කිලෝමිටර් මිලියන 1.7 ත් 2.8 ත් අතර කාලයේ මෙම සුළු අනතුරු සිදුව ඇති බව කියන ඔහු මේ තරම් දුරක් ධාවනයවී සාමාන්‍ය රියදුරෙකු අතින් සිදුවිය හැකි අනතුරු හා සාපේක්ෂව මෙය ඉතාම අවම ප‍්‍රමාණයක් බවද දක්වනවා.

රියදුරු රහිතව ගූගල් මෝටර් රථයක් ධාවනය වන අයුරු පහතින්

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets