ලොව වටිනාම වස්තු දහය මෙන්න!


ඔන්න පහලින් පෙලගස්වල තියෙනවා වටිනාකම වැඩිවන පිළිවෙලට ලොව වටිනාම වස්තුන් 10. කලින් දැනගෙන හිටියද..?

10. රත්තරන් – ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් 56


රත්තරන් කිවම අපට හැඟෙන්නේ ඉතාම වටින දෙයක් ලෙසයි. නමුත් රත්තරන් දැන් ඒ හැටි ගණන් නැහැ. එත් ඉතින් තාමත් ධනවත් බව පෙන්වන්නට යොදා ගන්නේ රත්තරන් තමයි.

09. රෝඩියම් – ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් 58


මේ දවස්වල ජනප්‍රිය වෙමින් පවතින ‘වයිට් ගෝල්ඩ්’ කියන්නේ මේවටයි. මේවා ගුවන් යානා එන්ජින්වල සහ ඉතා වටිනා විදුලි පන්දම් වලත් භාවිතා වෙනවා. මෙය ප්ලැටිනම් වලටත් වඩා හොඳින් උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා.

08. ප්ලැටිනම් – ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් 60


ප්ලැටිනම් වලට ක්‍රි.ව. 1200 තරම් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙයත් රිදී සුදු පාට ලෝහයක්. මෙය නම්‍යශීලි නිසා ඉතා විශේෂයි. කෘතීම දත්, එන්ජින්, ඉලෙක්ට්‍රොඩ තැනීම ආදියට භාවිතා කරනවා.

07. ප්ලූටෝනියම් ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් 4000


න්‍යෂ්ටික තාක්ෂණයේදී භාවිතයට ගැනෙන ප්ලූටෝනියම් සාදාගන්නේ යුරේනියම් නමැති මූලද්‍රව්‍යයෙනුයි. න්‍යෂ්ටික බලාගාරවල ශක්ති ජනනයෙන් 1/3 ක් සඳහාම භාවිතා වන්නේ ප්ලූටෝනියම් ය.

06. පයිනයිට් ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් 9000


50 දශකයේදී මියන්මාරයේදී මෙය සොයාගන්න ලදී. රෝස, රතු හා ගුරු පැහැයෙන් යුතු ඉතාම දුර්ලභ ඛනිජයකි. දැනට සොයාගෙන ඇත්තේද මෙහි සාම්පල කිහිපයක් පමණි. මියන්මාරයේ මොගොක් ප්‍රදේශයේ පයිනයිට් නිධියක් හමු වී ඇත.

05. ටැෆෙයිට් ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් 20,000


මෑතදී හඳුනාගත් මෙය රතු පැහැයේ සිට දම් පැහැය දක්වා විහිදුනු වර්ණ වලින් යුතු ගල් වර්ගයකි. මෙතෙක් හමුව ඇති රතුගල් සංඛ්‍යාව 10ක් පමණ වන අතර සොයාගෙන ඇති සියලුම ගල්, කෝප්ප භාගයක් පිරවීමටවත් ප්‍රමාණවත් නොවේ යයි පැවසේ.

04. ට්‍රිටියම් ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් 30,000


දියුටිරියම් හෝ නයිට්‍රිජන් පරමාණු අන්තරීක්ෂ විකිරණ සමග විවර්ශනය වීමේදී ස්වාභාවිකව නිපදවන ද්‍රව්‍යයකි. විකිරණශීලි ක්‍රියාවලියක් ප්‍රතිපලයක් ලෙස නිපදවෙන මෙමගින් ස්වාභාවිකවම ආලෝක කිරණ නිකුත් වේ. මේ ආලෝක කිරණ නිසා ට්‍රිටියම් මිල අධික සංගදා පුවරු, අත් ඔරලෝසු ආදිය නිපදවීමේදී භාවිතා කරනු ලැබේ.

03. දියමන්ති ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් 55,000


දියමන්ති මිල ඉහල යෑමට හේතුව වන්නේ එහි දුර්ලභ බව පමණක් නොව ඉල්ලුම සහ අලංකාරයයි. පොළොවෙන් මතු කරගන්න මේවා අධික පීඩනයකට හා උෂ්ණත්වයකට ලක්කර, නියමිත හැඩතල වලට අනුව කැපීම මගින් ලොව වටිනාම සහ දැඩිම මැණික් විශේෂය බවට පත්කරයි. සමහර දියමන්ති වසර බිලියන 3.2ක් පමණ පැරණි බව සොයාගෙන ඇත.

02. කැලිෆොර්නියම් ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් මිලියන 27


ඉතාම දුර්ලභ විකිරනශීලි ද්‍රව්‍යක් වන මෙය 1950 කලිෆොර්නියාවේදී සොයාගන්නා ලද නිසා මෙනමින් හැඳින්වේ. කැලිෆොර්නියම් මයික්‍රෝ ග්රෑම් 1කින් විනාඩියකට නියුට්‍රෝන් මිලියන 170 පමණ නිකුත් කිරීමට හැකියාවක් ඇත. ඉතාම විෂ සහිත ද්‍රව්‍යක් වන මෙය රන්, ප්ලැටිනම් හා ඛනිජ තෙල් නිස්සාරණ කටයුතු සඳහා යොදා ගනී.

01. ඇන්ටිමැටර් ග්‍රෑම් 1ක් = ඇ.ඩොලර් ට්‍රිලියන 6.25


ලෝකයේ මිල අධිකම හා අතිශය දුර්ලභම ද්‍රව්‍ය වන මෙහි ග්රෑම් 1ක් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.25ක් වෙයි. අන්ටිමටර් නිෂ්පාදනය සන්දහා ලොව දැනට ඇති ඉතාම ඉහල තාක්ෂණයක් වන CERN තාක්ෂනය භාවිතා වෙයි.


මේක ගැන කියනවට වඩා මේ Video එක බැලුවනම් ඔයාට හොදට තේරුම් ගන්න පුළුවන්. මේකෙන් වෙන දේ සරලව කිව්වොත් අපි දන්නවා ධන හා සෘණ විදියට අවස්ථා 2 ක්. මේවයින් අපිට එක් අවස්ථාවක් පමණක් දකින්න පුළුවන්. ඒවාට ගලපෙන අනෙක් අවස්ථාව මෙමගින් ලබාගන්නවා.


1 comment:

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets