DevFest 2015 සඳහා සියල්ල සූදානම්


GDG විසින් සංවිධානය කරන DevFest කියන event එක ගැන දැන් බොහෝ දෙනෙක් දන්නවා ඇති. මොකක්ද මේ DevFest? එහෙමත් නැත්නම් GDG කියන්නේ මොකක්ද? GDG එහෙමත් නැත්නම් Google Developer Group කියන්නේ ගූගල් සමාගමේ තාක්ෂණික දේ පිළිබඳ කැමැත්තක් ඇති කණ්ඩායමක්. ඔයාත් ඇන්ඩ්‍රොයිඩ්, ක්‍රෝම්, ගූගල් ක්ලවුඩ් වගේ ගූගල් සේවා ගැන කැමැත්තක් දක්වන කෙනෙක් නම් GDG සමඟ එකතු වෙන්න ඔයාලටත් පුළුවන්. DevFest කියන්නේ GDG මඟින් වාර්ෂිකව සංවිධානය කරන වැඩමුුළුවක් කිව්වොත් නිවැරදියි. ඉතින් ලංකාවේ GDG Sri Lanka කණ්ඩායම සංවිධානය කරන DevFest 2015 ගැනයි අපි දැන් කතා කරන්නේ.
මේ වසරේ DevFest 2015 පැවැත්වෙන්නේ මේ මස (ඔක්තෝබර්) 10 වන සෙනසුරාදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී යි. 

DevFest උත්සවය දිනයේ උදෑසන භාගය මෘදුකාංග නිර්මණය පිළිබඳ Code-Lab වැඩමුළුවක් ලෙසත් සවස් භාගය ක්ෂේත්‍රෙය් ප්‍රවීනයින්ගේ දේශණ රැසක් සමඟ අධ්‍යාපනික හා විනෝදාත්මක සැසියක් ලෙසත් පෙළගස්වා ඇත.

Code-Lab වැඩමුළුවක් DevFest හීදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය නිසාවෙන් එය GDG සාමාජිකයින්ට මෙන්ම උත්සවයට සහභාගී වන සියළු දෙනාට විශේෂ අවස්ථාවක් වනු ඇති. මේ වැඩමුළුව පරිගණක කේතකරණය (Coding) හා බුද්ධිය යොදාගනිමින් නව නිර්මාණ කිරීමට කැමති අයටම වෙන්වූ වැඩමුළුවක්. මෙහිදී Google Cardboard හා Unity 3D යොදාගනිමින් Virtual Reality ඇප්ස් නිර්මාණයටත්, Firebase මඟින් ඉතා පහසුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නිර්මාණය කරගන්නා අන්දම පිළිබඳවත් සාකච්ඡා කෙරෙනු ඇති.

මෙවර DevFest හී විශේෂත්ව අතර තවත් වැදගත්ම දෙයක් වූයේ ඒ සඳහා ලියාපදිංචි කරගැනීමේ ක්‍රියාවලියයි. මීට ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ ලැබෙන ලියාපදිංචි පත්‍රිකා වෙන වෙනම තෝරා වෙන්කිරීම වෙනුවට Google+ ගිණුම යොදාගනිමින් වඩාත් පහසුවෙන් ඉක්මනින් ලියාපදිංචි කිරීම කළ හැකි පරිදි ක්‍රියාවලියක් මෙවර DevFest සංවිධායකයින් භාවිත කර තිබුණි.මේ සේවාව RSVP.lk නම් වෙබ් අඩවිය හරහා ලබාගන්නා ලද අතර RSVP.lk යනු GDG සංවිධායක සාමාජිකයින් වන රවීන් සහ මිලිඳු යන දෙදෙනාගේ නිර්මාණයකි.

මෙවර DevFest සඳහා තාක්ෂණයට ඇලුම් කරන්නන්ගේ අති විශාල උනන්දුවක් දක්නට ලැබුනු අතර පැය 10ක් වැනි කෙටි කාලයකදී සියලූම ප්‍රව්‍ෙශපත්‍ර වෙන්වී අවසන් විය. DevFest පිළිබඳ වැඩි විස්තර සඳහා http://devfestlk.org වෙබ් අඩවියටත් GDG Sri Lanka Google+ හා Facebook පිටු වෙත පිවිසෙන්න.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets