ලොව හොඳම ගුවන් කරණම මෙන්න.. [Video]

ලොව ගුවන් කරණම් ශිල්පියකු විසින් සිදුකළ දක්‍ෂතම, විශ්මිතම හා අනතුරුදායකම ගුවන් කරණම සිදුකිරීමට ඉතාලි ජාතික ගුවන් නියමු යූලි එමානුවෙල් විසින් සමත්ව ඇතැයි වාර්තා වේ.

මේ සඳහා ඔහු කන්දක පිහිටා ඇති කුඩා විවරයක් තෝරාගෙන ඇති අතර එහි පළල මීටර් 2ක් පමණක් බව පැවසේ.

සිය පියාසැරි උපාංග භාවිතා කරමින් එමානුවෙල් සාර්ථක ලෙස මෙම විවරයෙන් රිංගා ගොස් ඇති අතර එය සිය ගෝ ප්‍රෝ කැමරාව මගින් වීඩියෝගත කිරීමටද නියමුවා සමත්ව තිබේ.

යූලි එමානුවෙල් පවසා ඇත්තේ මෙවැනි විශ්මිත ගුවන් කරණමක් මගින් ලෝක වාර්තාවක් තැබීම සඳහා ගැලපෙන ස්ථානයක් සොයමින් තමන් වසර කිහිපයක් ගතකළ බවයි.

මෙම අති ත‍්‍රාසජනක ගුවන් කරණම යූටියුබ් වෙබ් අඩවියේ දහස් ගණනක් පේ‍්‍රක්‍ෂකයින් මවිතයට පත්කර ඇති අතර මෙම දක්‍ෂතාවය පිළිබඳව ඔවුන් නියමු එමානුවෙල්ට සුභ පැතුම් පිරිනමා ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets