Microsoft සමාඟමේ ශ්‍රී ලංකාවේ Country Manager ( දේශ්‍රීය කලමණාකරු ) ලෙස ව්‍යාපාරික කේත්‍රයේ විශාල අද්දැකීම් සමුදායක් ඇති ඕස්ට්‍රේලියානු ජාතිකBrian Kealeyමහතා අද දින පත්විය. මේ අනුව මොහු ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල් 2ක සඳහාම Country Manager ලෙස නියෝජනය කරයි.
Country Manager, Brian Kealey Microsoft Sri Lanka (2015 -September)
මොහු විසින් Microsoft සමාඟමේ ප්‍රධාන නිෂ්පාදන, සේවා , කොටස් කරුවන් හා ඒකාබද්ධ කටයුතු ද සමාගමේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අංශයන්හි අදාල කාර්ය සාධනය සඳහා නායකත්වය ලබාදීමට වගකීම පැවරෙනු ඇති.
Microsoft සමාඟමේ අග්නිදිග ආසියනු කලාපය සඳහා (General Manager Southeast Asia New Markets, Asia Pacific, ) ප්‍රධාන කළමණාකරුවනMichelle Simmons මහත්මිය විසින් ප්‍රකාශ කර ඇත්තේ “Brian Kealey යනු අවුරුදු 17ක, විවිධවූ තාක්ෂණයන්හි අත්දැකීම් හා පළපුරුදු සහිත දකුණු ඕස්ට්‍රේලියාවේ Microsoft සමාඟමේ නායකත්වය හැරුණුකොට විශාල නායත්වයන් හා විවිධ ධූරයන් හෙබවූ පුද්ගලයකු” බවයි.
ඔහුගේ ප්‍රමුඛත්වයෙන් හා කැපවීමෙන් ඕස්ට්‍රේලියාවේ නව-ආරම්භයන් (Start-up) සඳහා Microsoft Innovation Centers 2කක් පිහිටුවා ඇත. මෙහිදී ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ නව ව්‍යවසායකයින් (entrepreneurs) හා නවනිර්මාණ (innovations) සඳහා උනන්දුවක් දක්වන සිසුන් සඳහා වීම විශේෂත්වයකි. මේ Innovation Centers හි දහස්ගනනින් වූ සිසුන් හා ව්‍යවසායකයින් පුහුණුවීම් ලබනු අතර මෙමගින් නව-ආරම්භයන් (Start-up) හා නව රැකියා සියගනනක් සඳහා මහඟු පිටුවහලක් වී ඇති බව පවසයි.
ඔහුගේ මේ නවතම ධූරය පිළිබඳ ඔහු පවසා ඇත්තේ මෙසේයි, “නවතම ධූරය පිලිබඳ ඔහු ඉතා සතුටට පත්වන බවත්, Microsoft ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට ලැබීම විශාල භාග්‍යක් බවත් සමාඟමේ නවතම ව්‍යාපාරය වන Cloud business සඳහා ඔහු ප්‍රධාන වශයෙන් ප්‍රමුඛත්වය ලබාදෙන බවත් සමාඟමේ නවතම පාඨය වන ‘helping every individual and every organization on the planet to achieve more’ අනුව කටයුතු කර සියලු ඒකාබද්ධ සමඟම් හා සියලු පුද්ගලයින් සමග සහයෝගයෙන් කටයුත් කීරීමට බලාපොරොත්තුවන බවත්ය”.
No comments:
Post a Comment