වෙන Com එකකින් hard එකට windows දාගෙන තමන්ගේ Com එකේ අවුලක් නැතුව boot කරමු!


ඔන්න මම ඔයාලට අලුත්ම දෙයක් ගෙනාවා. ඔයාල දන්නවා ඇතිනේ ගොඩක් අය සමහර වෙලාවට windows දාගන්න කියලා මුළු system unit එකම උස්සගෙන යනවා. සමහරු ඉතින් hard එක විතරක් අරන් ගිහින් windows දාගෙන එනවා හැබැයි තමන්ගේ computer එකට ගහල on කලාට windows boot වෙන්නේ නෑ.

සමහර විට පට්ට slow. Screen එකේ ඉරි ඉරිත් යනවා. ඉතින් මේකට හේතුව සහ කොහොමද වෙන computer එහෙකින් windows දාල තමන්ගේ computer එකේ කිසිම ප්රශ්නයක් නැතුව බූට් කරන්නේ කියල අද අපි බලමු.
ආ තව දෙයක් මන් මේ දේ කියලා දෙන්නේ ඔයාලට windows වත් තනියෙන් දාගන්න බෑ කියල. හෑල්ලුවට ලක් කරලා නෙවෙයි. ඔයා ගාව windows setup එක නැති වුනාම ඔයාලට system unit එකම උස්සගෙන යන්නේ නැතුව hard එක විතරක් ගෙනිහිල්ල වැඩේ shape කරගන්න පුළුවන්නේ ඒකයි. Windows install වුනාට පස්සේ 1st boot එකේදී ඒ computer එකේ services සහ drivers තිනවනම් install කරලා තමයි desktop එකෙට එන්නේ. ඔයාල මේක දැකලත් ඇති සමහර විට.



ඉතින් මේ විදිහට ඒ windows install කරපු පරිගණකයේ විදිහට තමා දැන් windows සැකසිලා තින්නේ. ඉතින් අපි මේ hard එකේ වෙන computer එකකට ගැහුවම boot වෙන්නේ නැත්තේ .windows කලින් සැකසිලා තිබ්බ විදිහට බූට් වෙන්න හදන නිසා. සමහරවිට Boot වුනත් slow වෙලා screen එකේ ඉරි යනවා වගේ වෙන්නෙත් මේ නිසාමයි. හරි අපි ඉතින් මේකට මොකද්ද කරන්නේ. ඒ Windows සැකසිලා තින විදිහ clear කරලා අපේ computer එකේ විදිහට සැකසුවානම් වැඩේ ගොඩ. ඒකට හරිම simple වැඩක් කරන්න තින්නේ මෙච්චරයි.
ඔයාල මුලින් windows install කරපු පරිගණකයේ ඔක්කොම install වෙලා ඩෙස්ක්ටොප් එකට ආවම එකෙන් මේ විදිහට කරන්න. Start - cmd කියල type කරලා right click කරලා run as administrator දෙන්න.



ඊට පස්සේ මේ වගේ command promote එක ඔන්වේවි.



එකේ මේ code එක type කරලා enter කරන්න
sysprep\sysprep.exe
එතකොට මේ වගේ window එකක් open වේවි




එකේ Generalize කියන එකට tik _/ එක දාල shut down option කියන shut down කරලා ok දෙන්න. 



එතකොට Computer එක configuration වෙලා තීන විදිහ clear කරලා machine එක shutdown වේවි. දැන් ඔයාල ඒ hard එක ගලවල ඔයාලගේ computer එකට දාල on කරන්න එතකොට අර මුලින් windows install කරනකොට වුනාවගේ ඔයාලගේ computer එකේ විදිහට windows සැකසෙනවා. ඊට පස්සේ එකේ account එකකුත් හදන්න. ආ කලින් computer එකේ හදපු account එක user accounts ගිහිල්ල delete කරලා දාන්න. දැන් ඉතින් කිසිම අවුලක් නැතුව ඔයාගේ computer එකේ windows වැඩ. මේ වැඩේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. විශේෂයෙන්ම ත්රීවිල් වලට නිකන් සල්ලි දීල. පයින් හරි bike එකේ හරි අමාරුවෙන් system unit එක පිටින්ම උස්සගෙන යන්නේ නැතුව. වැඩේ කරගන්න පුළුවන්නේ. සල්ලිත් ඉතුරුයි!. මහන්සියත් ඉතුරුයි. හිතත් සතුටුයි.

මේ දේ ඔයාල අනිත් අයටත් කියන්න මොකද එයාලත් එක ලොකු උදව්වක් වේවි. ඒ නිසාම අනිත් යාළුවොන්ටත් පෙන්න මේ පොස්ට් එක FB එකේ නැත්තන් කැමති social network එහෙම share කරන්නකෝ. ප්රශ්න තිනම් comment කරන්න. උදව් දීමට මම සුදානම් !!

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets