Ahmed Mohamed ට Microsoft එකෙන් තෑගී


පසුගිය සතියේ සුඩානයේ සිට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පදිංචි වයස අවුරුදු 14ක් පමණ වන Ahmed Mohamed නැමති සිසුවාව ඔරලෝසුවක් නිපදවීම සම්බන්ඳයෙන් ටෙක්සාස් හි පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව ඔබ සැවොම දන්නවා ඇති.


මේ සුසිසුවා නව නිරිමාණ කිරීමට ඇති අදික කැමත්ත නිසාත් ඔහු යම් කිසිදිනක ඉංජිනේරුවකු වීමට බලාපොරොත්තු වන නිසාත් මෙලෙස නව ඔරලෝසුවක් නිපදවා තිබෙනවා. මේ ඔරලෝසුව ඔහු පාසල වෙත සතුටින් රැගෙන ගියේ ඔහුගේ ගුරුතුමියට පෙන්වීමට මහත් ආශාවෙන්. සිදුවූයේ කුමක්ද? ඔහු ඒ ඔරලෝසුව ඔහුගේ ගුරුතුමියට පෙන්වූ විට ගුරුතුමිය ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇත.ඒ ඔරලෝසුව බොම්බයක් බවට ඇය සිතුනිසා විය හැකිය. මේ කිසිවක් නොසිතූ මේ කුඩා දරුවාට සිදුවූවේ සිර ගෙට යාමටයි.

මේ අතර මේ පිළිබඳව විවිධ සමාජ ජාල තුල හා විවිධ පුද්ගලයන් අතර කතාබහට ලක්වීමට ගතවූයේ ඉතා සුළුකාලයකින්. මන්ද මෙවැනි නිර්මාණයක් කළ දරුවකු සිරගෙට යැවීමට තරම් නිවටයින් සිටින නිසාවෙනි. ගතවූ සිළුමොහොත තුල මේ පිළිබඳ මුලු ලොවම දැනගනු ලැබූවා. ඒ අතර වාරය තුල ප්‍රසිද්ධ ආයතන වන facebook, Google හා MIT විශ්ව විද්‍යාලයෙන්ද මොහොට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇරයුම් ලැබුණා.

මේ පිළිබඳ Facebook ප්‍රධානී Mark Zuckerberg පවසා සිටියේ “අනාගතය හිමි Ahmed වැනි අයට ” බවයි.
තවද මොහොට Twitter වෙතින්ද Internship එකක් සඳහා ඇරයුමක් කර තිබෙනවා.

මේ අතර Microsoft සමාඟමෙන් මොහුට අතිවිශාල වටිනාකමකින් යුත් තෑගි බොහෝමයක් ලබාදී තිබෙනවා ඒ අතර Surface Pro 3 එකක් හා Microsoft Band එකක්ද සම්න්විතයි.මොහොගේ මේ නිරිමාණශීලී හැකියාවන් ඔප ගැන්වීමට මේ ත්‍යාගයන් මහත් රුකුලක් වනු ඇති.

No comments:

Post a Comment

Copyright (c) 2015 - 2016 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design www.slcyberking.com Awesome Inc. template. Powered by Sl Cyber King

Blogger Widgets