ජපානයේ ඔසාකා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් නොබෝදා අත්හදා බැලූ ලේසර් කිරණය දැන් ලෝකයේ වඩාත්ම බලවත් ලේසරය ලෙස වාර්තා වෙනවා. එහිදී ඔවුන්ගේ ලේසරයපෙටා වොට් 2ක්, එනම් වොට් 2,000,000,000,000,000ක බලයක් උත්පාදනය කර තිබෙනවා.
එනම් මෙතෙක් වාර්තා වූ විශාලතම අගයයි. නමුත් මෙම ක්‍රියාවලිය සිදු වී ඇත්තෙ picosecond එකක් (තත්පර ට්‍රිලියනයෙන් පංගුවක්) වූ කාලයක් තුල පමණයි. ඔවුන්ගේ ලේසර් කිරණය විහිදෙන ප්‍රමාණය අඩි 300කට වැඩි බවත් ඔසාකා හි පර්යේෂකයින් පවසා සිටිනවා.

මෙම විස්මිත ලේසර් කිරණය නම් කර ඇත්තේ LFEX, නැතහොත් Laser for Fast Ignition Experiments ලෙසයි. මෙයට පෙර ඔස්ටින් හි ටෙක්සාස් විශ්වවිද්‍යාලයත් සමත් වී තිබුණා පෙටා වොට් එකක අගයක් ඇති ලේසර් කිරණයක් අත්හදා බැලීමට. නමුත් ඔසාකාහි අත්හදා බැලීම එමෙන් දෙගුණයක් වෙනවා.
මෙම ක්ෂේත්‍රයේ පර්යේෂකයින් අතර වර්තමානයේදී තරඟකාරී ලෙස අත්හදාබැලීම් සිදු වෙනවා. ඔසාකා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින්ගේ මීලඟ අරමුණ ඔවුන් සඳහන් කර සිටියා පුවත්පත් සාකච්ඡාවකදී. එනම් පෙටා වොට් 10ක ලේසරයක් නිපදවීමයි
No comments:
Post a Comment